චීනයේ කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා නව ජාතික කණ්ඩායමක් ස්ථාපිත කර තිබෙනවා.
ස්ථාපිත නව කණ්ඩායම හරහා වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමට සිදු කෙරෙන පරික්ෂණ කටයුතු නිවැරදිව හා කාර්යක්ෂමව සිදු කිරීම අරමුණයි. නව කොරෝනා වයිරස පොකුරු නිර්මාණය වුවහොත් එහි මූලාරම්භය හා ආශ්‍රිතයින් සෙවීම නව කණ්ඩායමට භාර වනවා. එම කණ්ඩායමට වෛද්‍ය විශේෂඥයින් ඇතුලු තුන්සිය දෙනෙකු ඇතුලත් වන බවයි වාර්තා වන්නේ.
මේ අතර කොරෝනා වයිරසයට එරෙහිව චීනයේ නිෂ්පාදනය කෙරුණු ඖෂධ සායනික පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. සායනික පරීක්ෂණවලින් අනතුරුව හැකි ඉක්මනින් එම ඖෂධ භාවිතය සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වන බවයි එරට ජාතික සෞඛ්‍ය කොමිසම නිවේදනය කරන්නේ