චීනයේ පළමු අඟහරු යානය අඟහරු කක්ෂයට ළගාවෙයි

චීනයේ පළමු අඟහරු ගවේෂණ යානය එම ග්‍රහයාගේ කක්ෂය වෙත ළගාවීමට සමත්ව තිබෙනවා.
චීන අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය නිවේදනය කළේ ඊයේ දිනයේ ටියෑන්වෙන් 1 යානය අගහරුගේ කක්ෂයට පිවිසි බවයි.
ඒ අනුව අගඟහරුගේ කක්ෂය වෙත යානයක් යොමුකළ 6 වන රට බවට චීනය පත්වනවා.
පෙරේදා දිනයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ “අමල් “යානය ද අඟහරුගේ කක්ක්ෂයට පිවිසයේ එම හැකියාව පෙන්නුම් කළ 5 වන රට බවට පත්වෙමින්. කෙසේ වෙතත් එම යානය අඟහරු මතට ගොඩ බැසීමක් සිදුවන්නේ නැහැ.
චීනයේ ටියෑන්වෙන් 1 යානය ලබන මැයි හෝ ජුනි මාසයේ දී අඟහරු මත ගොඩබෑමට නියමිතයි.
ඒ මාස 3ක පමණ කාලයක් අඟහරුගේ කක්ෂය මත රැදීමෙන් පසුවයි.
මේ අතර පෙබරවාරි 18 වනදා නාසා හී අඟහරු යානය අඟහරු මත ගොඩබෑමට නියමිතව තිබෙනවා.
එකවර රටවල් 3ක් විසින් අඟහරු මෙහෙයුම් සඳහා යානා පිටත්කර යැවීම ද විශේෂත්වයක්.

පුවත යවන්න