චීනයේ ප්‍රධාන තෙල් සමාගමකට අමෙරිකානු තහනමක්

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබාදී තිබූ විධායක නියෝගයකට අනුකූලව, නිව්යෝර්ක් කොටස් වෙළඳපොලෙන් චීනයේ ප්‍රධාන තෙල් සමාගමක් වන සීඑන්ඕසී ලිමිටඩ් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඇමරිකානු කොටස් වෙළදපලේ ගණුදෙනු කිරීම අදාළ චීන සමාගමට මාර්තු 9 වනදා අලුයම 4 සිට තහනම් වනු ඇති.
එසේ අමෙරිකාවේ කොටස් වෙළඳපල තහනම් වූ සිව්වන චීන සමාගම එයයි.
ට්‍රම්ප්ගේ නියෝගයට අනුකූලව චයිනා මොබයිල්, චයිනා ටෙලිකොම් සහ චයිනා යුනිකොම් යන සමාගම්වල කොටස් වෙළඳාම පසුගිය ජනවාරි මාසයේ තහනම් කෙරුණා.
මේ සමග එම සමාගම්වල හොංකොං කොටස් වෙළඳ අගයද පහත වැටී තිබුණා.

පුවත යවන්න