චීනය ගැන අමෙරිකාව හා බ්‍රිතාන්‍යයේ කනස්සල්ල

චීනය විසින් මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් අනුගමනය කළ පියවර සම්බන්ධයෙන් අමෙරිකාව හා බ්‍රිතාන්‍යය කනස්සල්ල පළ කර තිබෙනවා.
අමෙරිකානු ජනපති ජෝ බයිඩන් හා බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් දුරකථ සංවාදයකින් පසුව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කළා.
ඒ අනුව චීනයට මානව හිමිකම් චෝදනා එල්ල කළ පාර්ශවයන් කිහිපයකට චීනයට පිවිසීමට නොහැකි වන පරිදි සම්බාධක පැනවීමට ගත් තීරණය අමෙරිකාව හා බ්‍රිතාන්‍යය හෙලා දැක තිබෙනවා.
ෂීජියෑන් හී උයිගර් ජන කොටස් සම්බන්ධයෙන් මානව හිමිකම් කඩ කරන බවට චීනයට චෝදනා එල්ලවී තිබෙනවා.
කෙසේ වෙතත් එම චෝදනා ප්‍රතික්ෂේප කරන චීනය පවසන්නේ තම අභ්‍යන්තර ගැටලු සඳහා බාහිර පාර්ශවයන්ට මැදිහත් විය නොහැකි බවයි.

පුවත යවන්න