චීනය ජාත්‍යන්තර සමාගම්වලට එකට එක කරයි

උයිගර් ජන කොටස් බලහත්කරයෙන් යොදාගනිමින් සිදුකරන ශ්‍රම ගැටලු සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් එල්ලවූ චෝදනාවන්ට එරෙහිව චීනය විවිධ පියවර ගනිමින පවතින බව යාහූ පුවත් සේවය පවසනවා.
ඒ අනුව චීන රූපවාහිනී නාලිකා විකාශය කරන විවිධ වැඩසටහන්වලදී ,තරඟකරුවන් පැළඳ සිටින ටී ෂර්ට් වල වෙළඳ නාමවල ලාංඡන සහ සංකේත වාරණය කරමින් පවතින බවයි එම වාර්තා පැවසුවේ.
මාර්තු මස අවසානයේ සිට චීනයේ රූපවාහිනී නාලිකා විසින් ඇඩීඩාස් වැනි බටහිර වෙළඳ නාමවල ලාංඡන බොඳ කිරීමට පියවර ගෙන ඇති අතර ඒවා නර්තන, ගායන සහ ප්‍රසංග වේදිකා ඉදිරිපත් කරන තරඟකරුවන් විසින් පැළඳ සිටින බව ද නිව් යෝර්ක් ටයිම්ස් වාර්තා කරනවා.
බටහිර චීනයේ ෂින්ජියැන්ග් හි නිපදවන කපු සඳහා ජාත්‍යන්තර සමාගම් සීමා පනවා තිබුණේ ,ඒවා බලහත්කාර ශ්‍රමයෙන් නිර්මාණය කරන බවට චෝදනා කරමිනුයි.
චීනය ඊට පළිගනිමින් පවතින බවද මෙම වාර්තා සදහන් කළා.

පුවත යවන්න