චීනය හදන කොළඹ වරාය නගරයේ ආයෝජනය කරන්න / ලංකාවෙන් අමෙරිකාවට ඇරයුම්

චීනය මගින් අරමුදල් සපයන කොළඹ වරාය නගරයේ ​(​​ෆෝට් සිටි) ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාව එක්සත් ජනපදයට ආරාධනා කර තිබෙනවා.

එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ සහ එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු වෙළෙඳ නියෝජිත ක්‍රිස්ටෝපර් විල්සන් අතර පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම ආරාධනය සිදුකර තිබුණා.

මෙම සාකච්ඡාවේදී තානාපති ආරියසිංහ ප්‍රකාශ කර ඇත්තේ ඉදිරියේදී කොළඹ වරාය නගරය විවෘත කිරීමත් සමග එක්සත් ජනපද ආයෝජකයන් එහි බහුකාර්ය සංවර්ධන අවස්ථා සඳහා ප්‍රවේශ වනු ඇතැයි ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවයි.

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ජී.එස්.පී. ප්ලස් (GSP+) සහනය ක්‍රියාත්මක කරවීම තවදුරටත් සක්‍රීය කරවීම කෙරෙහිද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙනවා.

පුවත යවන්න