හොංකොං හා ටිබෙටය සමානයි / හොංකොං ආචාර්යවරයෙක් ලියයි

හොංකොං කලාපය චීනයේ පාලනයට ගෙන ඇති ආකාරය 1959 දී ටිබෙටය යටත් කර ගැනීම් තත්ත්වයට සමාන බව හොංකොං සරසවියේ ආචාර්ය සයිමන් ෂෙන් පවසනවා.
හොංකොං හි වර්තමාන ප්‍රතිරාවය ටිබෙටයේ අතීතය නමින් ලිපියක් සපයමින් ඔහු පවසන්නේ විදේශීය බලපෑම් එල්ලවීමේ හැකියාව සමනය කිරීම සඳහා චීනය මෙම පියවරයන් ගත් බව අවස්ථා දෙක තුලදීම පෙන්නුම් කරන බවයි.
1951 දී චීනය ටිබෙට් දේශසීමා නගරයක් වන චැම්ඩෝ අල්ලා ගත් අතර පසුව ආණ්ඩු දෙක අතර කරුණු 17 ක ගිවිසුමක් අත්සන් කළ බවද ඔහු පවසනවා.
ගිවිසුම අත්සන් කිරීමත් සමඟ ටිබෙටය පිළිබඳ චීන ස්වෛරීභාවය තහවුරු වූ අතර ටිබෙටයට කලාපීය ස්වයං පාලනයක් ලබාදී තිබුණා.
මෙම කලාප දෙක තුළ සමාජවාදී ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ද සමාන තත්ත්වයක් බවයි ආචාර්යවරයා පවසන්නේ.
කෙසේ වෙතත් තවදුරටත් ටිබෙටයේ මෙන්ම හොංකොං හී ද ජනතාව නිදහස අපේක්ෂාවෙන් අරගලයක නිරත වන බවද ආචාර්යා සදහන් කරනවා.
කෙසේ වෙතත් චීනයේ සම්ප්‍රදායික භූමීන් ලෙස හොංකොං හා ටිබෙටය සැලකෙන අතර ඊට අත පෙවීමට කිසිවකුට ඉඩ නොදෙන බවයි චීනය අවධාරණය කර ඇත්තේ.

පුවත යවන්න