චීනය ෆේස් බුක් ගිණුම් භාවිතයේ වර්ධනයක්

ෂීජියෑන් හී සිදුවන මානව හිමිකම් කඩ කිරීම් වසන් කිරීම සඳහා චීනය සමාජ මාධ්‍ය ගිණුම් භාවිත කරන බවට නවතම වාර්තාවක් මගින් චෝදනා කර තිබෙනවා.
ඔස්ටේ්‍රලියානු උපායමාර්ගික ප්‍රතිපත්ති ආයතනය පැවසුවේ , චීනයේ තානාපති කාර්යාල හා පුද්ගලයන් විසින් බහුල වශයෙන් ෆේස් බුක් හා ට්විටර් ගිණුම් තුල මෙම සටහන් යෙදීම සිදුකරමින් පවතින බවයි.
ඒ අනුව 2020 වසරේදී චීන තානාපති කාර්යාලවල සමාජ මාධ්‍ය ගිණුම් මගින් මාසිකව පණිවිඩ 500 ක් නිකුත් කරන මට්ටමක් දක්වා මෙය වර්ධනයවී ඇති බවයි හෙළිකර ඇත්තේ.
එය 2019 වසරේදී මාසිකව 280 ක මට්ටමේ පැවත තිබුණා.
ඒ අනුව හානිකර ප්‍රකාශ පිළිබද ප්‍රතිචාර දැක්වීම සදහා කමෙන්ටු පළ කිරීමේ මෙහෙයුමක්ද මේ යටතේ සිදුවන බවයි අදාළ වාර්තාව පවසන්නේ.

පුවත යවන්න