චීනයේ සිනොෆාම් එන්නත ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින් තොරව මෙරට තුළ භාවිතයට නොගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අද ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ පෙරමුණ සහ තවත් තිදෙනෙකු විසින්.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින් තොරව සිනොෆාම් එන්නත භාවිතයට ගැනීම තුළින් මෙරට ජනතාවගේ මුලික අයිතීන් උල්ලංඝනය වන බවයි පෙත්සම්කරුවන් පවසන්නේ.