චීන ණය වෙනුවට මෙරට ව්‍යාපෘති පවරා දෙනවාද ? විපක්ෂය අසයි

ණය ගෙවන්න බැරි නම් චීන ආයෝජනයෙන් කළ ශ්‍රී ලංකාවෙි සම්පත් සින්නක්කරව ලියා දෙන්නැයි චීනය පවසා තිබෙන බවට පළවන ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් උත්තරයක් දිය යුතුව ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ අනුව දකුණු අධිවේගී මාර්ගය ,මත්තල ගුවන් තොටුපොළ, කටුනායක අධිවෙිගී මාර්ගය,නෙළුම් කුළුණ,හම්බන්තොට වරාය ආදී ව්‍යාපෘති චීනයට දෙන්නට සිදුවෙනවා දැයි ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රශ්න කළේය.

කවුරු රට පාලනය කළත් ශ්‍රී ලංකාව යනු සියලුම දෙනාගේ රට බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පැවසීය.

රජයේ ආයතන ප්‍රතිව්‍යුහගත කරනවා කියා සේවකයන් එළියට දමනවා නම් ඊට විරුද්ධ බවද  සේවක අයිතිවාසිකම් ආරක්ෂා කර ගත යුතුව තිබෙන අතර ආයතන පනස් දෙකක් ප්‍රතිව්‍යුහගත කරන්න පුලුවන්දැයි ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රශ්න කළේය.

අද රටේ ප්‍රධාන ප්‍රශ්නය ඩොලර් හිඟය වන නමුත් අය වැයේ රටට ඩොලර් ගෙනෙන  එකම යෝජනාවක්වත් නැතැයි ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

 

 

පුවත යවන්න