චීන සමාගමක් විසින්, තිස්ස වැව හෑරීම ,තාවකාලිකව නවතයි

චීන සමාගමක්  සිදු කළ තිස්ස වැවේ පස් හා මඩ ඉවත් කිරීමේ කටයුතු නතර කරවූ බව පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා පවසනවා.

ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ දී ඉදිකර ඇතැයි සැළකෙන තිස්ස වැවේ කවර ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදුකළත් ඒ සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවසර ලබා ගත යුතු බවත් එවැනි කිසිදු අවසරයක් තොරව බර යන්ත්‍ර යොදාගෙන චීන සමාගමක්  වැව හෑරීමේ කටයුතු සිදුකර ගෙන ගොස් ඇති බවත් මනතුංග මහතා සදහන් කළා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසර ලබා ගන්නා තුරු එම ව්‍යාපෘතිය නතර කරන්නැයි හම්බන්තොට දිස්ත්‍රික් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂිකා වසන්තා අලහකෝන් මහත්මිය වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ලිඛිතව දන්වා ඇති අතර ඒ අනුව ඉකුත් 25 දා එම කටයුතු නවත්වා ඇතැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.

කෙසේ වෙතත් මේ වනතුරුත් එකී කටයුතු සඳහා අවසර ඉල්ලා වාරිමාර්ග දෙපාර්තමේන්තුව ලිපියක් එවා නැතැයි ද ඔහු කියා සිටියා.

පැරණී මාගම නගරය මෙම වැව ඉස්මත්තේ පිහිටා ඇති අතර එහි පැවැති බොහෝ පුරා වස්තූන් සේදී ගොස් වැව් පතුලේ ඇතැයි විශ්වාස විශවාස කරන බව පුරාවිද්‍යාව පිළීබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසනවා.

එහි මීට පෙර කරනලද කැණීම්වල දී ගජ ලක්ෂ්මී කාසි දහස් ගණනක් හමුවූ බවත් වැවෙහි මඩ ඉවත් කිරීම අනිවාර්යයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තු පරික්ෂණවලින් පසු කළ යුතු බවත් ඔහු කියා සිටියා.

පුවත යවන්න