සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් දේශීය ගිණුම්කරණ ප්රමිතීන්ට අනුකූල නොවන විදේශීය සමාගම් ඉවත් කිරීම සඳහා නීතියක් ක්රියාත්මක කිරීම ආරම්භ කිරීමෙන් පසුව අමෙරිකාවේ චීන තාක්ෂණික සමාගම්වලට එරට කොටස් වෙළදපල වලින් ඉවත්වීමට බලපෑම් එල්ල වන බව වාර්තා වනවා.
මීට අදාළ නියමයන් සංශෝධනය කර තිබුණේ හිටපු අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් ගේ පාලන සමය තුල චීනය ඉලක්ක කර ගනිමිනුයි.
චීන සමාගම් අමෙරිකානු විනිමය රෙගුලාසි කඩ කර ඇති බවට මේ වන විටත් චෝදනා එල්ල කරමින් පවතිනවා.
මේ යටතේ චීනයේ ප්රමුඛ පෙළේ ඉන්ධන සමාගමකටද පසුගියදා අමෙරිකානු තහනමක් පනවනු ලැබුවා.