චීන හමුදාවට අපහාස කළ 6ක් අත්අඩංගුවේ

ඉන්දීය හා චීන හමුදා අතර ගැල්වාන් නිම්නයේ පසුගිය වසරේ හටගත් ගැටුම පිළිබද සමාජ මාධ්‍ය ඔස්සේ විවේචන කළ 6 දෙනකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදේශගතව වාසය කරන තවත් පුද්ගලයකු ද මේ යටතේ අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි චීන වාර්තා පවසන්නේ
මෙම ගැටුමේදී එක් මහජන විමුක්ති හමුදාවේ අණදෙන නිලධාරියෙකු බරපතල තුවාල ලබා ඇති අතර සොල්දාදුවන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පසුගිය සිකුරාදා චීනය පිළිගනු ලැබුවා.
මේ පිළිබද විවේචනය කළ එක් පුද්ගලයකු බ්ලොග්කරුවකු වන අතර ඔහු පළමුව අත්අඩංගුවට ගෙන තිබුණා.
චීනයේ දේශසීමාව ආරක්ෂා කළ සෙබළුන්ට අපහාස කිරීම, හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බව චීනය පැවසුවා.

පුවත යවන්න