ජගත් මානව හිමිකම් සංවිධානයෙන් රුසියාව පන්නයි / ලංකාව ජන්දය දීමෙන් වලකියි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරය තුල රුසියාව සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා.
ඒ අද පැවැති ජන්ද විමසීමේදී බහුතරයක් රුසියාවට එරෙහිව ජන්දය භාවිත කිරීම සමඟයි.
යුක්රේනයේ දී රුසියානු හමුදා විසින් යුද අපරාධ සිදුකළ බවට සාක්ෂි ඉදිරිපත් කරමින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණා.
ඡන්ද විමසීමට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුක්‍රේන තානාපති සර්ජි කිස්ලිට්සා රුසියාවට ,බිහිසුණු අපයෝජනයන් පිළිබද චෝදනා කළ අතර බුචා හී ඝාතන සම්බන්ධයෙන් එම චෝදනා ගොනුකර තිබුණා.
මෙහිදී රුසියාවට එරෙහිව ජන්ද 93 ක් හිමිවූ අතර පක්ෂව හිමිවූයේ ජන්ද 24ක් පමණයි.
ලංකාව ඇතුළු රටවල් 54 ක් ජන්දය භාවිත කිරීමෙන් වැලකී තිබුණා.

පුවත යවන්න