කොරෝනා අවදානම වැළැක්වීම සඳහා මහජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කරනවා.
සංචරණ සීමා ලිහිල් කළ අද (25) දිනයේදී ජනතාව විශාල වශයෙන් ප්‍රධාන නගර කරා එක්රැස් වූ ආකාරය දැක ගැනීමට හැකිවූ බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.
මෙම තත්ත්වය යහපත් නොවන බවත් මෙමගින් තවදුරටත් කොවිඩ් -19 වෛරසය ව්යාවප්තවීමේ අවදානමක් පවතින බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙනවා.
අද උදෑසන 04.00 සිට සංචරණ සීමා ලිහිල් කෙරුණු අතර එය අද රාත්‍රී 11.00 දක්වා ක්‍රියාත්මක වනවා.
ඒ අනුව යළිත් රාත්‍රී 11.00 සිට දිවයින පුරා දැඩි සංචරණ සීමා පැනවෙන අතර එය එළඹෙන 7 වනදා දක්වා ක්‍රියාත්මකයි.