“ජනතාවට හැරවූ ගිනි බටය කොහෙට හැරෙයිද දන්නේ නෑ” / අනුර කුමාර

ගිනි බටය මත විශ්වාස තබා ආණ්ඩුව අර්බුදයට විසඳුම් සොයන්නේ නම් එය වහා නතර කරන ලෙස ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද ප්‍රකාශ කළා.
ඒ පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්.

“රට විශාල ආර්ථික අර්බුදයක. ජනතාව විශාල පීඩාවක. මේක හිරිවැටුණු ආණ්ඩුවක්. තමුන්වහන්සේලාගේ ඔහේ බලාගෙන ඉඳීමේ සීමාව පැනලා තියෙනවා. ජනාතාවගේ සාධාරණ වේදනාවට, සාධාරණ කෝපයට තමුන්නාන්සේලා පිලිතුරු හොයන්නේ වෙඩි උණ්ඩයෙන්, ගිනි බටයෙන්නම් ඒවා කෙරෙහි තබන විශ්වාස නතරකරන්න. අපේ රටේ පොලීසිය, හමුදාව අපි දන්නවා ඔවුන් දුප්පත් පවුල්වල අය. මේ පීඩාවට මීට වඩා වැඩියෙන් මුහුණ දෙන අය. ඒ නිසා ඔවුන් මේ ගිනි බටය ජනතාව දෙසට උසවා තැබෙන ගිනි බටය, කොයි දෙසට එසවෙයිද දන්නේ නැහැ. ඒ නිසා අපි කියන්නේ මේ ගිනි බටය කෙරෙහි විශ්වාසය තබලා විසඳුම් සෙවීමේ මාවත මෙතනින් නතර කරන්න.  මේ සඳහා අවශ්‍ය අයට නිසි පරිදි දඬුවම් ලබාදෙන්න.”

පුවත යවන්න