ජනතාව ආරක්ෂිත උපදෙස් පිළි නොපැද්දොත් දැඩි පියවර / සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් මහජනතාව නිවැරදිව අනුගමනය නොකළහොත් ඉදිරියේ දි දැඩි තීරණ ගැනීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කරනවා. ඔහු කියා සිටියේ ජනතාව ආරක්ෂිත උපදෙස් අනුගමනය නොකරන්නේ නම් ගැටලුකාරී තත්ත්වයන් මතුවි හැකි බවයි.

“මිලියන 22ක් ඉන්න මිනිස්සු පස්සෙන් ගිහින් ඉන්න තරම් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සේවකයෝ නැහැ. තමන් මේ සෞඛ්‍ය පුරුදු අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුයි. මේක පිළිපදින්නේ නැත්නම් අපිට සිද්ධවෙන්වා නීතිරීති දැඩිකරන්න. අපි එතැනට යන්න බලාපොරොත්තුවක් නෑ. අපි මහජනතාව අපහසුතාවයට පත්කරන්න බලාපොරොත්තුවක් නෑ. අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ නීති රීති දැඩිලෙස අනුගමනය කරන්න කියලා. නැත්නම් අපිට අකමැත්තෙන් උනත් තීරණ ගන්න වෙනවා.“ 

පුවත යවන්න