ජනතාව ඉන්ධන පෝලිම්වල සිටියදී සිදුකළ යතුරුපැදි සවාරිය නවතයි

කල්පිටියේ සිට අනුරාධපුර දක්වා පැවැත්වීමට නියමිතව තිබූ මීරිගම සිට පැමිණි යතුරුපැදි සවාරිය නතර කර තිබේ.

පොලිසිය පැවසුවේ, මහජන විරෝධය හා කොන්දේසිවලට පටහැනිවීම හේතුවෙන් යතුරුපැදි සවාරිය මෙලෙස නතර කළ බවයි.

පොලිස් ආරක්ෂාව ද සහිතව අධිසුඛෝපභෝගී වාහන ද සමගින් අධිබල යතුරු පැදි පිරිවරාගෙන කුලියාපිටියේ සිට කල්පිටිය දක්වා ඊයේ මෙම පෙලපාලිය සංවිධානය කර තිබිණ.

කෙසේ වෙතත් සුපිරි රථ පෙළපාලියට මාදම්පේ ප්‍රදේශයේදී ජනතාවගෙන් එල්ල වූයේ, දැඩි විරෝධයකි.

පුවත යවන්න