මියන්මාරයේ හමුදා කුමන්ත්රණයෙන් පසු එරට හමුදා භාවිත කරන ඩ්‍රෝන යානා චීනය විසින් ලබාදුන් ඒවා බව , යාහූ පුවත් සේවය වාර්තාකර තිබෙනවා.
විරෝධතාකරුවන්ගේ දර්ශන ලබා ගැනීම වෙනුවෙන් මෙම ඩ්‍රෝන යානා භාවිත කරන අතර ඒවා චීනයේ නිෂ්පාදිත ඒවා බවයි මේ වන විට හෙලිකර ඇත්තේ.
ඒ අනුව මියන්මාර ජනතාව මර්දනය සඳහා හමුදා පාලනයට චීනයේ සහාය හිමිවන බවටද චෝදනා එල්ලවනවා.
බ්‍රිතාන්‍යයේ බුද්ධි අංශ වාර්තාවක් උපුටා දක්වමින් මෙම දත්ත හෙලිකර තිබුණා.
ඒ අනුව මියන්මාර හමුදා කුමන්ත්රණයේ සැබෑ තත්ත්වය හෙළිවෙමින් පවතින බවයි අදාළ වාර්තා පවසන්නේ.