කොවිඩ් ශූන්‍ය කිරීමේ ජාතික ප්‍රතිපත්තිය යටතේ ජනතාවට දැඩි නීතිරීති පැනැවීමෙන් උද්ගත වූ දැවැන්ත විරෝධතා හමුවේ කොවිඩ් නීති ලිහිල් කිරීමට චීන රජය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. චීනයේ ප්‍රධාන නගර වන ෂැංහාහි සහ ගුවැන්ෂූ ඇතුළු තවත් නගර ගණනාවක පසුගිය දින කිහිපයේ පැතිරී ගිය මේ විරෝධතා සම්බන්ධව ජාත්‍යන්තර අවධානය යොමු වී තිබිණි.
පසුගිය දිනවල අනපේක්ෂිත අයුරින් එරට කොවිඩ් වසංගතය යළි හිස එසැවීම හේතුවෙන් කොවිඩ් නීති දැඩි කිරීමට චීන රජය පියවර ගෙන තිබූ අතර, ෂින්ජියැන් ප්‍රාන්තයේ නිවාස සංකීර්ණයක සිදු වූ ගින්නකින් පුද්ගලයන් 10කට වඩා ජීවිතක්ෂයට පත්වී ඇත්තේ එම නීතිරීතිවලට අනුව නිවැසියන්ට පිටතට යෑමට නොහැකි පරිදි පිටතින් අගුළු ලෑමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගැනීම නිසා බව වාර්තා වේ.
එම සිදුවීමෙන් පසු කෝපයට පත් ජනතාව වීදි බැස දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූ අතර, චීන ජනාධිපති ෂි ජින්පින්ට තනතුරෙන් ඉවත් වන ලෙසට ද බලපෑම් කරමින් සිටි බව වාර්තා වේ.