ජනපතිගේ ෆේස් බුක් ගිණුමේ කමෙන්ටු පළ කිරීම සීමා කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් පිටුව තුල පෝස්ට් සඳහා කමෙන්ටු පළ කිරීම සීමා කර තිබේ.

ඊයේ රාත්‍රියේ සිට පරිශීලකයින්ට ජනාධිපති රාජපක්ෂගේ ෆේස්බුක් සටහන් සඳහා අදහස් පළ කිරීමට නොහැකි විය.

“මම 2010 ජනවාරි 26 සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, අගමැතිවරුන්ගේ සහ ජනාධිපතිවරුන්ගේ ෆේස්බුක් ගිණුම් අධ්‍යයනය කර ඇත. *කිසිවකු* මීට පෙර ඔවුන්ගේ නිල පැතිකඩ පිළිබඳ මහජන අදහස් සීමා කර නැත. ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ මහජන විරෝධය සහ නැගී එන විරෝධතා පිළිබිඹු කරන මහජන අදහස් දැක්වීමට ඉඩ නොදෙන 1 වැනි දේශපාලනඥයා/ජනාධිපතිවරයා ලෙස පෙනේ.” සමාජ මාධ්‍ය විශේෂඥ සංජන හත්තොටුව ට්විටර් සටහනක් තබා තිබේ.

පුවත යවන්න