ජනපතිට විරුද්ධ යෝජනාවට අගමැතිත් එරෙහි වෙයි / අප්‍රසාදය පළකිරීමේ යෝජනාව විවාදයට ගැනීම පරදී

ස්ථාවර නියෝග අත්හිටුවීමේ මන්ත්‍රී සුමතිරන්ගේ යෝජනාව පිළිබඳව ඡන්ද විමසීම වැඩි ඡන්ද 51කින් පරාජයට පත්වී තිබෙනවා.

එම යෝජනාවට පක්ෂව ඡන්ද 68 ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 119ක් හිමිවුණා.

ජනාධිපතිවරයාට අප්‍රසාදය පළකිරීමේ යෝජනාව විවාදයට ගැනීම තීරණය කිරීම සඳහා මෙලෙස ස්ථාවර නියෝග අත්හිටුවීම සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් සිදුකරනු ලැබුවා.

ඒ අනුව ජනාධිපතිවරයාට අප්‍රසාදය පළකිරීමේ යෝජනාව විවාදයට නොගෙන ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මෙහිදී එම යෝජනාවට විරුද්ධව අගමැතිවරයා ද ජන්දය භාවිත කළා.

පුවත යවන්න