ජනපති – අගමැති ඇතුළු පවුලේ සාමාජිකයන් විශේෂ සාකච්ඡාවක

රට තුළ ඇතිව තිබෙන දේශපාලන හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ රාජපක්ෂ පවුලේ සෙසු සාමාජිකයින් අතර විශේෂ සාකච්ඡාවක් කොටුව ජනාධිපති මන්දිරයේ දී ඊයේ (25)රාත්‍රියේ පවත්වා ඇතැයි රජයේ ආරංචි මාර්ග අනාවරණ කළා.

අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු ඇමතිවරුන් වන ,චමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන පිරිස් මෙම සාකච්ඡාවට සහභාගි වී ඇතැයි වාර්තා වුණා.

රට තුළ ඇතිව තිබෙන බරපතළ දේශපාලන සහ ආර්ථික අර්බුදය මෙන්ම ආණ්ඩුවට එරෙහිව ගෙන යන මහජන අරගලය සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී ඇතැයි වාර්තා වුණා.

මෙම සාකච්ඡාව ඊයේ මැදියම් රැය වන තෙක්ම ක්‍රියාත්මකව තිබෙනවා.

 

පුවත යවන්න