ජනපති ඡන්දය නිසා පොහොට්ටුව ‍දෙකට බෙදේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් ඉල්ලමින් එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.ඒල් පීරිස් මහතා ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

මෙම තීරණය ගනු ලැබුවේ කුමන අධිකාරියක් යටතේද? මෙම තීරණය ගැනීම සදහා සහභාගී වු බව කියන පුද්ගයන්ගේ නම්, මෙම පුද්ගලයන් තෝරා ගැනීමේ පදනම කවරේද ආදී වශයෙන් ප්‍රශ්න කිහිපයක් සදහා ඉතා ඉක්මන් පිලිතුරු ලබා දෙන්නැයි ජී. ඒල් පීරිස් මහතා සාගර කාරියවසම් මහතාගෙන් අදාළ ලිපිය හරහා ඉල්ලා තිබෙනවා.

පුවත යවන්න