ඊයේ (09) කොටුව ජනාධිපති මන්දිරයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පරිහරණය කරන ලද බවට සැලකෙන කාමරයක තිබී අරගලකරුවන්ට හමු වූ රුපියල් එක්කෝටි හැත්තෑ අටලක්ෂ පනස්දහසකට අධික මුදල අරගලකරුවන් විසින්ම ගණන් කර ඒ අවස්ථාවේ කොටුව ජනාධිපති මන්දිරයේ රාජකාරියේ නිරතව සිටි විශේෂ කාර්ය බළකායේ පොලිස් අධිකාරීවරයෙකුට භාර දී තිබෙනවා.
එහිදී එම පොලිස් අධිකාරීවරයා පවසා ඇත්තේ එම මුදල් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට භාරදෙන ලෙසයි.
Protesters returned all these money to the Police without looting it. And you saying protesters set fire to RW’s house? pic.twitter.com/ug6TuTdjqJ
— Priyanga|CrewForShoots (@crewforshoots) July 10, 2022
පසුව එහි පැමිණි කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා එම මුදල භාරගෙන එම මුදල සොයාගත් සහ ගණන් කිරීමට සහාය වූ පස් දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගෙන එම මුදල කොටුව පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ඉන් අනතුරුව කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දූරකථන ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ එම මුදල නීතිය හා සාමය භාර අමාත්‍ය ටිරාන් අලස් වෙත භාරදෙන ලෙසයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානාධිපති සාගර ලියනගේ පොලිස්පති සී.ඩී වික්රමරත්නගෙන් සිදුකළ විමසීමක දී පොලිස්පතිවරයා පවසා ඇත්තේ එම මුදල කිසිවකුටත් භාර නොදී පොලිසිය භාරයේ තබා ගන්නා ලෙසයි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මෙම තත්ත්වය පැහැදිලි කර මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් ඉල්ලා සිටිනවා.
මීට පෙර ගෝඨා ගෝ ගමට සහ මයිනා ගෝ ගමට ප්‍රහාර එල්ල වූ අවස්ථාවේදී රට පුරා පැතිර ගිය කලබල රැල්ලේ ඇතැම් අවස්ථාවල දී සොරකම් සහ මංකොල්ලකෑම පිළිබඳ සිදුවීම් ගණනාවක් වාර්තා වූ බවත් එම සිදුවීම්වලට වගකිවයුත්තන් සොයා ඡායාරූප සහ විවිධ වීඩියෝ පළ කරමින් ඔවුන් පසුපස හඹා යාමට උනන්දු වූ පොලිසිය මෙලෙස අරගලකරුවන් අතට පත් වූ රුපියල් කෝටි ගණනක් වන මුදල පොලිසිය වෙත බාරදීම සම්බන්ධයෙන් නිවේදනයක් හෝ නිකුත් නොකරන්නේ මන්දැයි ඔවුන් විමසා සිටිනවා.
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්…