ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර විශේෂ හමුවක් අද(7) පවත්වා තිබෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති හමුව ජනපති හා හිටපු අගමැති පමණක් සහභාගී වීම විශේෂත්වයක්.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ දැනුම් දීමකට අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණ හිටපු අගමැතිවරයා ,ජනාධිපතිවරයා හමුවූ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම සම්බන්ධයෙන් ඔහු කළ යෝජනාව පිළිබඳ ඉහත හමුවේ දී ජනාධිපතිවරයා කරුණු සවිස්තරව විමසා ඇතැයි සදහන්.
ඊට අමතරව ජපානය, දකුණු කොරියාව, ඉන්දියා, සහ චීනය ඇතුළු කලාපයේ ප්‍රධාන රටවල් පහක් එකතු කරගෙන පිහිටුවීමට යෝජිත කමිටු පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ,හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගෙන් දීර්ඝ ලෙස කරුණු විමසා තිබෙනවා.