මහමැතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු කොළඹ මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවල අනවසරෙන් පදිංචිව සිටි මන්ත්‍රීවරුන් 8 දෙනකුට එරෙහිව නඩු පැවරීමට තීරණය කර තිබෙනවා.
මෙම හිටපු මන්ත්‍රීවරුන්ට එම නිවාස සංකීර්ණයේ නිවාසවල රැඳී සිටීමට ලබාදුන් කාලය ඉක්මවා රැඳී සිටීම සහ ඒ වෙනුවෙන් පැනවූ දඩ මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව මෙසේ නඩු පැවරීමට තීරණය කළ බවයි පාර්ලිමේන්තුවේ ප්‍රකාශයකු සදහන් කළේ.
අනවසරයෙන් රැඳී සිටින එක් දිනක් වෙනුවෙන් අය කෙරෙන දඩ මුදල රුපියල් 500ක් වන අතර මේ අනුව මෙසේ ගෙවීම පැහැර හැර ඇතැයි පැවසෙන දඩ මුදල්වල වටිනාකම රුපියල් ලක්ෂ දහයකට ආසන්නයි.
එම පැරදුණු මන්ත්‍රීවරුන් මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් පසුකාලීනව ඉවත්ව ගොස් ඇතත් ඒවායේ අනවසරෙන් රැඳී සිටි කාලයට අයකෙරෙනු දඩ මුදල් ගෙවීම මෙසේ පැහැර හැර ඇති බවත් දඩ මුදල වහාම ගෙවන්නැයි සිහිකැඳවීම් ගණනාවක් කර ඇතත් ඔවුන් එම ගෙවීම් මේ දක්වාම මග හැර තිබෙනවා.
දඩ මුදල් ගෙවීම මෙසේ පැහැර හැර මන්ත්‍රීවරුන් අතර ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ අයද වනවා. මැතිවරණවලින් පරාජය වන මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වල නිත්‍යානුකූලව රැඳී සිටීමට අවසර ලැබෙන්නේ මැතිවරණය පැවැත්වෙන දින සිට මාසයක පමණ කාලයක් පමණයි.මේ අතරින් ඇතැම් පිරිස් නිල රථ පවා ලබාදීමට කල් ගත කර ඇති බවද අනාවරණ වී තිබෙනවා.