Skip to content
ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අද(10) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉල්ලා මැතිවරණ කොමිසම පසුගියදා අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකර තිබුණි.
අද පෙරවරු 11.30ට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙයි.
මේ අතර, පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසම හෙට රැස්වෙයි.
කොමිසම සඳහන් කළේ, මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් ලබා දෙන්නැයි දිගින් දිගටම කළ ඉල්ලීම්වලට බලධාරින්ගෙන් මෙතෙක් නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියට ද, මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව කොමිසම පවසයි.
අප්‍රේල් 25 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව මේ වනවිට දින නියම කර තිබේ.