ජපානයේ යුධ බලය වර්ධනය ගැන චීනය කනස්සල්ලෙන්

ජපානයේ යුධ බලය වර්ධනය කිරීම සම්බන්ධයෙන් චීනය කනස්සල්ලට පත්ව සිටින බව ටෝකියෝ රිවීව් වාර්තාවක් මගින් දැනුම් දී තිබෙනවා.
එමගින් අනාවරණ කළේ චීන ජනපතිවරයා සිදුකළ විශේෂ දේශනයක් මගින් මෙම කනස්සල්ල හෙලිකර තිබූ බවයි.
ඒ අනුව වසර 5ක් වෙනුවෙන් ඩොලර් බිලියන 320ක ආර්කෂක පිරිවැයක් වෙන්කිරීමට ජපානය ගත් තීරණය අවදානම් හා කලාපයේ සාමයට තර්ජනයක් ලෙස නම් කර තිබෙනවා.
බටහිර පාර්ශව සමග එක්ව ජපානය ඉන්දු පැසිෆික් කලාපයේ හා දකුණු චීන මුහුදු කලාපය තුල නව අර්බුධයකට මුල්වනු ඇති බවට චීනය විශ්වාස කරන බවයි එම වාර්තාව පවසන්නේ.
මේ වන විට චීනහා රුසියාව සමග ජපානයේ මතභේද වර්ධනය වී පවතින අතර අමෙරිකාව හා දකුණු කොරියාව සමග එක්ව කලාපයේ නව ආරක්ෂක වැඩපිලිවෙලක් ද තර කරමින් පවතිනවා.
මෙය අවදානම් තත්ත්වයක් බව රුසියාව ද ප්‍රකාශ කළ අතර ජපානයේ මතභේදාත්මක කුරිල් දූපත් ආශ්‍රිතව රුසියානු මිසයිල රැදවීමට ද පියවර ගෙන තිබෙනවා.

පුවත යවන්න