ජපානය දෙවරක් සෙළවෙයි / සුනාමි අවදානමක් නෑ -Video

ජපානයේ නැගෙනහිර වෙරළ තීරය ආශ්‍රිතව රික්ටර් පරිමාණයේ ඒකක 7.3 ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පනයක් හටගෙන තිබෙනවා.ජපාන බලධාරීන් පවසන්නේ මේ හරහා සුනාමි අනතුරු ඇඟවීමක් සිදු නොවූ බවයි.
මෙම භූමිකම්පාව ජපානයේ නැගෙනහිර වෙරළ තීරයේ බලවත් කම්පනයක් ඇති කළ බවද ටෝකියෝ වාර්තා පවසනවා.
ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සිය පැවසුවේ ෆුකුෂිමා නගරයට ඔබ්බෙන් පැසිෆික් සාගරයේ කිලෝමීටර් 60 ක් ගැඹුරේ මෙම භූ කම්පනය හටගත් බවයි.
ඒ සමගම යළිත් රික්ටර් මාපකයේ ඒකක 4.7 ක පසු කම්පනයක්ද වාර්තා වනවා.
මේ සමග නැගෙනහිර ජපානයේ ටොහොකු කලාපයේ නිවාස දහස් ගණනකට විදුලිය ඇනහිටීම් සිදුව ඇති බව ද සදහන්.
ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාර ක්‍රියාකරු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ එම බලාගාරය ආශ්‍රීත තත්ත්වයන් පිළිබද සොයා බලන බවයි.

පුවත යවන්න