ජල ඒකක 25 ට අඩුවෙන් පාරිභෝජනය කරන පාරිභෝගිකයන්ට ලබාදුන් සියයට 10 ක වට්ටම මෙම මස සිට අත්හිටුවා තිබෙනවා.
ජාතික ජල සම්පාදනය හා ජලාපවාහන මණ්ඩලයේ ප්රකාශකයකු පැවසුවේ බලධාරීන්ගෙන් ජල ගාස්තු වැඩි කරන ලෙස අවස්ථා කීපයකදීම ඉල්ලීම් කළ ද එයට යහපත් ප්රතිචාරයක් නොලැබුණු හෙයින් වර්තමාන තත්වය මත අදාල වට්ටම තවදුරටත් ලබා දිය නොහැකි බවයි.
ජල ඒකක 25 ට අඩුවෙන් පාරිභෝජනය කරන පාරිභෝගිකයන්ට සියයට 10 ක වට්ටම 2012 වසරේ සිට ලබාදුන් බවත් ජලසම්පාදන මණ්ඩලයට තව දුරටත් ජනතාවට සහන ලබාදීමේ හැකියාවක් නොමැති බවත් ඔහු අවධාරණය කළා.
ජලසම්පාදන මණ්ඩලය සෙසු ජල ඒකකවලට අදාලව කිසිඳු ගාස්තුවක් ඉහළ දැමීමක් කර නොමැති බව යි එම ප්රකාශකයා තහවුරු කළේ.