ජාත්‍යන්තර ඇමතුම් ගාස්තු ඉහළට / අන්තර්ජාල ගාස්තු වෙනසක් නෑ

මෙරටින් ලබාගන්නා ජාත්‍යන්තර දුරකථන ඇමතුම්වල ගාස්තු සේවා සපයන්නන් විසින් ඉහළ නංවා තිබෙනවා.
තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා සඳහන් කළේ, අදාළ සමාගම් මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශය දැනුවත් කර ඇති බවයි.
ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 30කින් පමණ අවප්‍රමාණය වීමත් සමඟ දුරකථන සේවා සපයන්නන් ජාත්‍යන්තර ඇමතුම් ගාස්තු ඉහළ දමා තිබුණා.

කෙසේ වෙතත්, දේශීය ඇමතුම් හෝ අන්තර්ජාල ගාස්තු ඉහළ නැංවීමට අනුමැතිය ලබා දී නොමැති බවයි තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් කළේ.

පුවත යවන්න