ජාතික ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයන්ගේ PCR වාර්තා නිකුත් වෙයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයින් 35 දෙනකුට සිදුකළ පරීක්ෂණවල වාර්තා නිකුත්වී තිබෙනවා.
ඒ අනුව එම සියළු ක්‍රීඩකයන්ගේ පරීක්ෂණ වාර්තා කොරෝනාවට සෲණාත්මක බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.
මෙම ක්‍රීඩකයන් කොදෙව් සංචාරය වෙනුවෙන් වූ පුහුණු සංචිතය සඳහා තෝරාගත් ක්‍රීඩකයන් වනවා.
ඒ අනුව මෙම සියළු ක්‍රීඩකයන් හෙට දිනයේ ශාරිරක යෝග්‍යතා පරීක්ෂණයට ලක්කිරීමට නියමිතයි.
අනතුරුව ලබන 16 වනදා ඔවුන් කොදෙව් සංචාරය සඳහා වන පුහුණු කටයුතු ආරම්භ කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.

මීට පෙර ළහිරු තිරිමාන්න හා කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර්ට කොරෝනා ආසාදනයවී ඇතැයි අනාවරණවී තිබුණා.

පුවත යවන්න