විදෙස්ගතව සිටි එතනෝල් ව්‍යාපාරිකයකු මෙරටට පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රභූ පර්යන්තය හරහා කැඳවාගෙන ආ බවට චෝදනා එල්ලවී සිටින රාජ්‍ය අමාත්‍යවරයා සහ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් රජයේ ප්‍රධානින් දැඩි පියවරක් ගැනීමට සූදානම් වන බව ආණ්ඩුවේ ආරංචිමාර්ග අනාවරණ කරනවා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් රජය බුද්ධි අංශවලින් සම්පූර්ණ වාර්තාවක් දැනටමත් ලබාගෙන ඇතැයි පවසන එම ආරංචි මාර්ග ජනාධිපතිවරයා සිද්ධිය කැබිනට් මණ්ඩලයටද ඉදිරියේදී දැනුම් දීමට නියමිතව ඇතැයි සඳහන් කළා.
ඉන් අනතුරුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කිරීමෙන් පසු කිසියම්වූ ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි වාර්තා පලවුණා.
චෝදනාවට ලක්ව සිටින රාජ්‍ය අමාත්‍යවරයාගේ එම අමාත්‍ය පදවිය මේ යටතේ අහිමිවීමට බොහෝ දුරට ඉඩ ඇතැයිද සඳහන්.
මෙහි ව්‍යාපාරිකයා කලකට පෙර විදේශගතව ඇතැයි පැවසෙන්නේ පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි අවස්ථාවේදීයි.
ව්‍යාපාරිකයා මෑතකදී මෙරටට පැමිණ එම දේශපාලඥයන් මාර්ගයෙන් පොලිසියට බාරවීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ඇප මත මුදා හැර තිබුණි.
දේශපාලඥයන් දෙදෙනා එම ව්‍යාපාරිකයා කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රභූ පර්යන්තය හරහා කැඳවාගෙන පැමිණ ඇතැයි පැවසෙන්නේ මීට දින කිහිපයකට පෙරයි.