ජිනීවා චෝදනාවලට ලංකාව පිළිතුරු යවයි / චෝදනා ප්‍රතික්ෂේප කරලා

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාවේ මානව හිමකම් කඩවී ඇතැයි චෝදනා කරමින් ඉදිරිපත් කර ඇති වාර්තාව ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර තිබෙනවා.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේ මිෂෙල් බැෂෙලේ මහත්මිය විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය ලිඛිතව යොමුකර ඇති බවයි.
ප්‍රධාන කරුණු දෙකක් මූලික කර ගනිමින් එම වාර්තාව ප්‍රතිකේෂ්ප කිරීමට තීරණය කළ බව ද එමගින් දන්වා තිබෙනවා.
ඒ වර්තමාන රජය කෙරෙහි ද්වේෂකාරී ලෙස තම විෂය පථයට අදාළ නොවන ලෙස එම වාර්තාව සකසා තිබීම සහ චෝදනා පිළිබඳව සාක්ෂි ඉදිරිපත් කිරීමට අපහසුවීමත් යන කරුණු දක්වමින්.
මේ පිළිබද සවිස්තර ප්‍රතිචාරය ඉදිරියේ දී අනාවරණ කරන බවද අමාත්‍යවරයා පැවසුවා.

පුවත යවන්න