එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී චීනයට ද දැඩි චෝදනා එල්ලවී තිබෙනවා.
ඒ අනුව සින්ජියැන් හි උයිගර් මුස්ලිම්වරුන්ට සහ හොංකොං වැසියන්ට ජාතික ආරක්ෂක නීතිය යටතේ මර්දනයන් එල්ල කරමින් සිටින බවටයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්රධානී මිෂෙල් බැචෙලෙට් ප්රකාශ කළේ.
චීනය මූලික සිවිල් අයිතිවාසිකම් මර්දනය කරමින් ජාතික ආරක්ෂාව තර කිරීමේ උත්සාහයක නිරත වන බවටයි මානව හිමිකම් සැසිවාරය හමුවේදී අවධාරණය කර ඇත්තේ.
ඒ චීනයට අදාළව මානව හිමිකම් මහ කොමසාරිස්වරිය නිකුත් කළ වාර්තාවකට අනුවයි.
චීනයේ සමාජ ක්රියාකාරීන්, නීතීඥයන් සහ මානව හිමිකම් පිළිබද උනන්දුවන්නන් මෙන්ම විදේශීය ජාතිකයන් පවා අත්තනෝමතික අපරාධ චෝදනා මත රඳවා තබා ගැනීම හෝ අසාධාරණ නඩු පැවරීම් සිදුව ඇතැයි ද කොමසාරිස්වරාය චෝදනා කරනවා.
කෙසේ වෙතත් චීනය පවසන්නේ මෙම චෝදනා දේශපාලනික වන අතර මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා හා නිර්දේශ බැහැර කරන බවයි.