ජීවන් මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

ශ්‍රී ලංකා ක්‍රීකට් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කළා.

ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ තමන් ක්‍රීඩා කළ කාලය තුල සහයෝගය දුන් සියලුම පුහුණුකරුවන්ට සහ ක්‍රීඩකයින්ට සිය ස්තුතිය පිරිනමන බවයි.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට ලැබීම ගෞරවයක් බව ජීවන් මෙන්ඩිස් සදහන් කළා.

තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ජීවන් මෙන්ඩිස් අවසන් වරට ශ්‍රී ලංකා ජාතික ක්‍රීකට් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කළේ 2019 එක්දින ලෝක කුසලාන තරගාවලියේදීයි.

ඔහු ඉදිරියේදී සිය පවුලේ සාමාජින් සමග ඔස්ට්‍රේලියාවට පිටත්ව යනු ඇති බවයි වාර්තා වන්නේ.

පුවත යවන්න