ජනාධිපති ධුරයට පත්වීම සඳහා වැඩබලන ජනාධිපති රනිල් වික්රමසිංහ ට සහය ලබාදීමට සිය පක්ෂය ගත් තීරණය සම්බන්ධයෙන් කරුණු විමසා පක්ෂ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් යොමු කළ ලිපියට කඩිනමින් පිළිතුරු ලිපියක් යොමු කරන බව ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ප්රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසයි.
පොදුජන පෙරමුණේ ප්රධාන ලේකම්වරයා පැවසුවේ, සිය පක්ෂය ගත් තීරණයේ මෙතෙක් කිසිදු වෙනසක් සිදුව නොමැති බවයි.
රනිල් වික්රමසිංහ ට සහය දැක්විය යුතු බව සිය පක්ෂයේ බහුතර මතය බව පක්ෂ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් කියා සිටියේ ය.