නැගෙනහිර ජෙරුසලමේ දේවස්ථානයක් තුළ සිදු වූ වෙඩි තැබීමකින් ඊශ්‍රායල ජාතිකයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් මාධ්‍ය පැවසුවේ දේව මෙහෙයකට සහභාගී වී පිටව යමින් සිටි පිරිසකට පුද්ගලයෙකු විසින් වෙඩි තබා ඇති බවයි.
එම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇත.
එරට ආරක්ෂක අංශ විසින් වෙඩි තැබූ පුද්ගලයා ඝාතනය කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඔහු පලස්තීන ජාතික ත්‍රස්තවාදියෙක් බව සඳහන්.