එක රටක් එක නීතියක් සදහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කර තිඛෙනවා.
ඒ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ සභාපතීත්වයෙන් යුතුවයි.
මෙම කාර්ය සාධක බලකාය සාමාජිකයින් 13 දෙනෙකුගෙන් සමන්විතයි.
එහි ලේකම් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක මහත්මිය පත්කර තිබේ.
සෙසු සාමාජිකයින් ලෙස මහාචාර්ය දයානන්ද බණ්ඩා, මහාචාර්ය ශාන්තිනන්දන විජේසිංහ, මහචාර්ය සුමේධ සිරිවර්ධන, එන්.ජී සුජිත් පණ්ඩිතරත්න, නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න, නීතිඥ සංජය මාරඹේ, එරන්ද නවරත්න, පානී වෑවල, මවුලවි මොහෙමෙඩ්, කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ්, කලීල් රහුමාන් සහ අසීස් නිසාර්දීන් යන මහත්වරුන් පත්කර ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාව තුළ එක රටක් සහ එක නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සඳහා පනත් කෙටුම්පත් සකස් කිරීම එම කාර්යය සාධක බළකායට පැවරි තිබේ.