ට්විටර් බ්ලූ සලකුණ ඉවත් කරයි / අප්‍රේල් 1 සිට මුදල් ගෙවා පමණයි

Twitter පරිශීලකයින් සඳහා නොමිලේ හිමිවූ තහවුරු කිරීමේ නිල් පැහැති සලකුණ ලබන මාසයේ සිට ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

නිවේදනයක් මගින් ඊලොන් මස්ක් සදහන් කළේ , අප්‍රේල් 1 වන දින සිට සත්‍යාපනය කිරීමේ වැඩසටහන අවසන් කිරීමට කටයුතු කරන අතර ගෙවීම් ක්‍රමයක් යටතේ එය නැවත ලබාදීමට කටයුතු කරනු ලබන බවයි.

මෙම තහවුරු කිරීම යළි ලබා ගැනීම සඳහා ට්විටර් බ්ලූ යටතේ මාසිකව ඩොලර් 8 ක් බැගින් හෝ වාර්ෂිකව ඩොලර් 84 ක් ගෙවීමට ට්විටර් පරිශීලකයන් වෙත සිදුවන බවයි ප්‍රකාශ කළේ.

ඊලොන් මස්ක් ඔක්තෝම්බර් මාසයේදී සමාගමේ පාලනය භාරගත් දා සිට, ඔහු රජයේ නිලධාරීන්, සංස්ථා, මාධ්‍යවේදීන්, ප්‍රසිද්ධ පුද්ගලයින් සහ අනෙකුත් ඉහළ පෙළේ ට්වීටර් පරිශීලකයින්ගේ අනන්‍යතා තහවුරු කරන සලකුණ ඉවත් කරන බවට අනතුරු අඟවා තිබුණා.

පුවත යවන්න