ශ්‍රී ලංකාව තුළ ට්විටර්, ෆේස්බුක් සහ යූ ටියුබ් සමාජ මාධ්‍ය වෙබ් අඩවි වෙත ප්‍රවේශය අවහිරවීමක් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව එම සමාජ මාධ්‍ය වෙත පිවිසීමට බාධා මතුව ඇති බවයි පාර්ශව රැසක්ම ප්‍රකාශ කලේ.
මෙරට තුල සමාජ මාධ්‍ය සීමාවක් පැනවීම සම්බන්ධයෙන් දින කිහිපයක සිට මතවාදයන් පැවැති අතර ඊට හේතුවක් හෝ මෙම සීමා කිරීම පිළිබද නිල ප්‍රකාශයක් මෙතෙක් අනාවරණවී නැහැ.