ට්‍රම්ප්ගේ ,මහල් 34ක් උස ට්‍රම්ප් ප්ලාසා ගොඩනැගිල්ල පුපුරුවා ඉවත් කරයි – Video

අමෙරිකාවේ ,නිව් ජර්සි හි වෙරළ ආසන්නයේ පිහිටි, හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් ට්‍රම්ප් ප්ලාසා සහ කැසිනෝ ගොඩනැගිල්ලපුපුරුවා හරිමින් කඩා ඉවත් කර තිබෙනවා.
සී එන් එන් පුවත් සේවය වාර්තා කළේ මහල් 34ක් උස මෙම ගොඩනැගිල්ල ඩයිනමයිට් යොදා ගනිමින් පුපුරුවා හැරුණු බවයි.
1984 වර්ෂයේ දී විවෘත කළ මෙම ට්‍රම්ප් ප්ලාසා ගොඩනැගිල්ල හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දේපල වෙළදාම් ව්‍යපාරයේ ප්‍රධාන ස්ථානයක් වුණා.
එය කැසිනෝ මධ්‍යස්ථානයක් ලෙසයි වඩාත් ප්‍රකටව පැවතුණේ.
මෙම කැසිනෝ ව්‍යාපාරික කටයුතු 2014 වර්ෂයේදී වසා දැමුණු අතර පසුව එහි නඩත්තු කටයුතු සිදුනොකිරිම හේතුවෙන් මෙලෙස ගොඩනැගිල්ල කඩා ඉවත් කිරිමට සිදුවූ බව නගර බලධාරීන් නිවේදනය කළා.
මේ එම ගොඩනැගිල්ල විනාශ කළ ආකාරයයි.

පුවත යවන්න