ටික් ටොක් , දරුවන්ට මාරාන්තිකයි /තරුණියන්ට අනතුරුදායකයි

ටික් ටොක් යෙදවුම හරහා දරුවන්ට මාරාන්තික බලපෑමක් එල්ල කරන බව ඉතාලි පොලිසිය ඉදිරිපත් කළ වාර්තාවක් උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය පවසනවා.
එම යෙදවුමට ඇබ්බැහි වන දරුවන් සිය දිවි හානි කර ගැනීම් සඳහා පහසුවෙන් පෙළඹවිය හැකි බවයි ඉතාලි පොලිසිය පවසන්නේ.
එරටදී වාර්තාවූ කුඩා දරුවන්ගේ හදිසි මරණ සම්බන්ධ සිද්ධීන් කිහිපයකදීම ටික් ටොක් යෙදවුම හරහා දරුවන් විවිධ අභියෝගයන් හා අවසානයේ මරණය දක්වාම පෙළඹවීමට පියවර ගෙන ඇති බවයි.
ඒ අනුව සීමාවන් පැනවීමකින් තොරව ටික් ටොක් යෙදවුමේ විවිධ අභියෝගයන් ආදිය ඉදිරිපත් කිරීම කිසිසේතම සුදුසු නොවන බවද මෙමගින් අවධාරණය කර තිබෙනවා.
ඉතාලියෙන් අවසන් වරට වාර්තා වූ ටික් ටොක් යෙදවුම ආශ්‍රිත මරණයට ගොදුරුව තිබුණේ වයස අවුරුදු 10 දැරියක්.
ඇය ටික් ටොක් හරහා ඉදිරිපත්වූ හුස්ම නොගෙන සිටීමේ අභියෝගයට තැත් කරන අතරතුර මරණයට පත්ව තිබුණා.
ඒ මොළයට රුධිරය ගලායාම අඩපණවීමෙනුයි.
මීට පෙර එම යෙදවුම මගින් දරුවන් ගංගාවලට පැනීම සඳහා පොළඹවා තිබූ බවයි ඉතාලි පොලිසිය පවසන්නේ.
මෙම තත්ත්වය තුල එරට ටික් ටොක් යෙදවුම කුඩා දරුවන්ට භාවිත කිරීම තාවකාලිකව සීමා කර තිබෙනවා.
ඇතැම් මානසික ගැටළුවලින් පෙළන පුද්ගලයන් ද මෙම යෙදවුම භාවිත කරන අතර ඔවුන් ඒ හරහා මෙවන් හානිකර තත්ත්වයන්ට පෙළඹවීම් සිදුකරන බව සදහන්.
විශේෂයෙන්ම ලිංගික හිංසන සඳහා කුඩා දරුවන් හා තරුණියන් මෙම යෙදවුම හරහා ගොදුරුවන බවද එම වාර්තාවේ සදහන්.
මෙම තත්ත්වය තුල රටවල ්කිහිපයක්ම එම යෙදවුම තහනම් කරනු ලැබ තිබෙනවා.

පුවත යවන්න