ටෙලිකොම් ගැන මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක්

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජයට අයත් කොටස් ජුනි මස 15 වනදා තෙක් විකුණන්නේ නැති බවට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දී තිබෙනවා.

ටෙලිකොම් ආයතනයේ කොටස් පැවරීමට එරෙහිව එහි වෘත්තීය සමිති ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු ගොනුකල පෙත්සමක් කැදවූ අවස්ථාවේයි මුදල් අමාත්‍යංශ ලේකම්වරයා මෙම ප්‍රතිඥාව ලබාදී ඇත්තේ.

ඔහු වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ මෙම කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නීත්‍යනුකූල බවයි.

කෙසේ වෙතත් නඩුව මීළගට කැදවන ජුනි 15 තෙක් අදාළ කොටස් පැවරීමක් නොකරන බවට ද ඔහු ප්‍රතිඥාවක් ලබාදුන්නා

පුවත යවන්න