මුහුදු පත්ලේ ගිනිකඳු පිපිරීමකින් සහ සුනාමියෙන් පසු ටොංගා දූපත් හී තත්ත්වය පිළිබද මුල්වරට කරුණු අනාවරණ වී තිබෙනවා.
ඒ අනුව අපේක්ෂා කළ මට්ටමට වඩා දැවැන්ත හානියක් දූපත් වෙත බලපා ඇති බවයි , ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා තහවුරු කළේ.
චන්ද්‍රිකා දුරකථන මාර්ගයෙන් ටොංගා දූපත් සමග සම්බන්ධවීමට නවසීලන්තය සමත් වූ අතර සුනාමි තත්ත්වය හේතුවෙන් අතුරුදන්ව සිටි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් මියගොස් ඇති බවද මෙහිදී තහවුරු කර තිබුණා.
ගිනිකඳු පිපිරීමෙන් දින තුනකට පසුව, ටොංගා සමඟ සිදුකළ චන්ද්‍රිකා නිරීක්ෂණ තුලින් දූපතට සිදුව ඇති හානි යම් මට්ටමකින් හදුනාගෙන තිබෙනවා.
මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වන එක්සත් ජාතීන්ගේ කාර්යාලය පැවසුවේ ෆොනෝයි හි ,සැලකිය යුතු දේපල හානියක්, නිරීක්ෂණ ගුවන් ගමන් මගින් තහවුරු කර ඇති බවයි.
ටොංගා අගනුවර තුල ගිනිකඳු අළු සහ දූවිලි වලින් සෙන්ටිමීටර දෙකක් පමණ ආවරණය වී ඇති බව එහි සඳහන්
එහි අගනුවර ඇතැුම් ප්‍රදේශවලට විදුලිය යථා තත්ත්වයට පත් කර / දේශීය දුරකථන පද්ධති යථා තත්ත්වයට පත් කර ඇති නමුත් ජාත්‍යන්තර සන්නිවේදන බිදවැටී තිබෙනවා.
සුනාමියෙන් රට අභ්‍යන්තරයට තල්ලු කරන ලද ගල් හා සුන්බුන් හේතුවෙන් අගනුවර ජලාශ්‍රිත ප්‍රදේශය බරපතල ලෙස විනාශයට පත්ව තිබුණා.
චන්ද්‍රිකා යොදා ගනිමින් වලාකුළුවලින් තොර ප්‍රදේශයේ ව්‍යුහයන් 104 ක් විශ්ලේෂණය කර ඇති අතර, ව්‍යුහ 41 ක් සම්පූර්ණයෙන් වැනසී ඇති බවයි හදුනාගෙන ඇත්තේ.
දූපත් කලාපය සම්පූර්ණයෙන්ම අළු වලින් වැසී ඇති අතර ජල මූලාශ්‍ර විෂවීමේ අවදානමකට ගොදුරුව තිබෙනවා.
මේ අතර ඔස්ට්‍රේලියාව පැවසුවේ ආධාර සහිත යානයක් ගොඩබෑමට පවා ගිනි කන්දේ අළු හේතුවෙන් බලපෑම් එල්ලවන බවයි.මේ වන විටත් දූපත් වාසීන් ආහාර හා ජල හිඟයකින් ද පීඩා විදිමින් පවසනවා.
ගිනි කන්ද තවදුරටත් සක්‍රීයවීම මත සහන සැලසීමට ද බාධා මතුව තිබුණා.