ටෝකියෝ ඔලිම්පික් පදක්කම් සටහනේ ජපානය මුල් තැනට

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පදක්කම් සටහනේ මුල් තැනට පත්වීමට සත්කාරක ජපානය සමත්ව තිබෙනවා.
ඒ රන් පදක්කම් 11ක් , රිදී පදක්කම් 4ක් හා ලෝකඩ පදක්කම් 5ක් සහිතව සමස්ථ පදක්කම් 20ක් සහිතවයි.
මේ දක්වා වැඩිම පදක්කම් දිනා සිටින අමෙරිකාව දෙවන ස්ථානයේ පසුවනවා.
ඒ රන් පදක්කම් 10ක් රිදි පදක්කම් 10ක් හා ලෝකඩ පදක්කම් 9ක් සහිතවයි.
චීනය රන් පදක්කම් 10 ක් , රිදී පදක්කම් 5ක් හා ලෝකඩ පදක්කම් 5ක් දිනා සිටිනවා.
රුසියානු ඔලිම්පික් සංගමය 4 වන තැන පසුවන අතර ඔස්ටේ්‍රලියාව පසුවන්නේ 5 වන තැනයි.

පුවත යවන්න