ඩෙල්ටා ආසාදිතයන් ගණන තවදුරටත් ඉහළට

මේ දක්වා මෙරටින් වාර්තා වන ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 68 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද (24) ඒ බව ප්‍රකාශ කළා.

ඊයේ දිනයේදී ඩෙල්ටා ආසාදිතයින් 26 දෙනෙකු හඳුනාගෙන තිබූ අතර ඒ අනුව සමස්ත ඩෙල්ටා ආසාදිතයින් වාර්තා වී තිබුණේ 66ක් ලෙසයි.

එහිදී කොළඹ, රත්මලාන, පිළියන්දල, මීගමුව, ගාල්ල, දඹුල්ල, වව්නියාව, මුලතිව් සහ කිලිනොච්චිය යන ප්‍රදේශවලින් එම ආසාදිතයින් හඳුනාගෙන තිබෙනවා.

පුවත යවන්න