ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයින් 14 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ මීට පෙර ද ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 5 දෙනෙකු මෙරටින් හඳුනා ගැනුණු අතර ඉන් අනතුරුව සිදුකළ පරීක්ෂණවලදී මෙම නව ආසාදිතයින් සොයා ගැනීමට හැකියාව ලැබුණු බවයි.