ඩෙල්ටා තවදුරටත් පැතිරෙයි / තවත් ආසාදිතයන් ගැන සැකයක්

ඩෙල්ටා ප්‍රභේදය බවට සැකසහිත ආසාදිතයින් 10දෙනෙක් මේ වන විට වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

“කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කර්මාන්ත ශාලාවක් ආශ්‍රිතව ආසාදිතයින් වාර්තා වුණා. එයින් සැකකටයුතු 5දෙනෙක් තමයි ඩෙල්ටා ප්‍රභේදයේ බවට පීසීආර් එකෙන් ඔවුන් හඳුනාගෙන තිබුණේ. නමුත් මෙය තාම ඩෙල්ටා ප්‍රභේදය ද සම්පුර්ණයෙන් තහවුරු කරලා නෑ. අපි ඒ සාම්පල ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යවලා තියෙනවා.“

“මීට අමතරව සැක කටයුතු 10 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. ජාන අනුක්‍රමික විශ්ලේෂණ ප්‍රතිඵල එන්න සති දෙකක් ගතවෙනවා. එතකොට කියන්න පුළුවන් මොවුන් ඩෙල්ටා ප්‍රභේදය ද වෙන ප්‍රභේදයක් ද කියලා.“

“අපි පසුගිය වට දෙකේම බහුතර පරීක්ෂණ සංඛ්‍යාවක් කොළඹ නගර සීමාව තුළ කරපු සාම්පල. දිවයිනේ අනෙක් ප්‍රදේශවලින් අපි වැඩි පරීක්ෂාවක් සිදුකළේ නෑ. ඒ නිසා අපිට හරියට ම සමාජයේ ඩෙල්ටා රෝගීන් ඉන්නවා ද කියන එක මේකෙන් කියන්න බෑ. අනිත් එක තමා කොළඹ නගර සීමාවේ වුණත් ලැබෙන සියලුම සාම්පල අපි පරීක්ෂා කරන්නේ නෑ. එකෙන් අපි අහඹු නියැදි තෝරාගෙන සිදුකරන්නේ පරීක්ෂණ. “

“ඇත්තටම මේ සාම්පල ටික හමුවුණේ අපේ විද්‍යාගාරයට. අපිට පීසීආර් පරීක්ෂණයක් ආවට පස්සේ හැම එකක්ම ජාන විශ්ලේෂණය කරන්න බෑ. අපි කරන්නේ එන සාම්පලවලින් බොහෝමයක් ඒවා අරන් පරීක්ෂා කරනවා. එතකොට අපිට දළ වශයෙන් හොයා ගන්න පුළුවන් තියෙන ප්‍රභේද මොනවාද කියලා. එලෙස සොයා ගත් ඒවා තවදුරටත් තහවුරු කිරීමක් කරන්න පූළුවන්. ජාන අනුක්‍රමික විශ්ලේෂණය මඟින්. කැස්බෑවේ හඳුනාගත් සැක සහිත රෝගීන් 5දෙනා අපි තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කළේ. ඒ වගේම ඔවුන්ගේ තහවුරු කිරීම ඉදිරි දින කිහිපයේ දී සිදුකරනවා. දැනට සැකයක් තමා තියෙන්නේ. පසුගිය කාලයේ අපි සැක කරපු සියල්ලම ජාන අනුක්‍රමික විශ්ලේෂණ මඟින් තහවුරු වුණා සියයට සීයක්ම.“

පුවත යවන්න